Detailed Drawings

Detailed Drawing Book

1. Setting Out

2. Elevation

3. Sectional Drawings

4. Beam Detail / Slab Detail

5. Bathroom Details

6. Door Window Detail

7. Electrical Plans

8. Plumbing

9. Kitchen / Pantry / Washing area

Setting Out

නිවසේ අන්තර්ගතයන් නිවැරදිව පිහිටුවීමට අදාල සැලසුම් සියල්ල මෙහි අන්තර්ගත වේ.
ඔනෑම අයෙකුට පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකිවෙන සේ නිවස ඉඩමට ස්ථානගත වෙන අයුරුත්, නූල් ඇදීම, මුල් ගල තැබීම යන කර්තවයන්ට අවශ්‍ය සැලසුම්, බිම් මහල, පලමු මහල, දෙවන මහල/ උඩු මහල තුල නිවැසියාගේ අවශ්‍යතාවයට අනුව ඉඩ වෙන් කරගන්නා අයුරු මෙහි ඇතුලත් ය.එමෙන්ම ගෘහ මූලිකයාට සැලසුම් කිරීමේදි සලකනු ලබන වාස්තු සැලසුම්ද මෙම කොටසට අයත්ය.

Elevation

ද්විමාන තලයක් තුල නිවසෙහි ඉදිරි සහ පැති පෙනුම මෙහි අන්තර්ගත වේ.මෙම ද්විමාණ සැලසුම් අපගේ සුවිශේෂ වූ ත්‍රිමාණ සැලසුම් හා සැසඳීමෙන් මනාව ඕනෑම අයෙකුට මනාවට පැහැදිලි කරගත හැක.ඔබගේ නිවාස ඔබේ සිතැගි පරිදි නිමවී ඇත් දැයි දැනගැනීමට මෙය කදිම අවස්තාවකි

Sectional Drawings

නිවසෙහි ඇතුලත තලයන්ගේ පිහිටිම ඔනෑම අයෙකුට මැනවින් අවබෝධ වන පරිදි නිර්මාණය කරන ලද සැලසුම් මෙහි අන්තර්ගත වේ.

Beam Detail / Slab Detail

Slab හා Beam පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි වන පරිදි මෙම කොටසෙහි සැලසුම් අන්තර්ගත වී ඇත.නිවසෙහි අයිතිකරුට ,පෙදරේරු මහතෙකුට, කොන්ත්‍රාත් ආයතනයකට පහසුවෙන් නිවස ඉදිකිරිමේදි අසීරුම අංගයක් වන slab හා beam අයිතමයේදි වැය වන අමුද්‍රව්‍ය ( කම්බි, කොන්ක්‍රීට් ප්‍රාමාණ) පහසුවෙන් උකහා ගත හැකි පරිදි මෙම සැලසුම් ඉදිරිපත් කරනු ලැබේ.

Bathroom Details

නිවසක නාන කාමර වල දිග පළලට පමණක් සීමා නොවී ඇතුළත් වන අයිතමයන් මැනවින් ස්ථානගත කරමින් සැලසුම් කිහිපයක්ම මෙහි දක්වා ඇත.

Door Window Detail

නිවසෙහි අන්තර්ගත සියලුම දොර ජනෙල් පිළිබඳව විස්තර මෙහි ඇතුලත්‍ ය.මෙම සැලසුම් අධයනයෙන් අන්තුරුව දොර ජනෙල් සාදවා නිම කරවා ගැනීම සඳහා අවශ්‍ය වල සියලුම අයිතමයන් මෙන්ම සාදා නිමවු පසු පෙනුම මෙහිදි දැක බලා ගත හැක.

Electrical Plans

නිවසෙහි විදුලි පරිපථ ස්ථාන ගත කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මෙහි අන්තර් ගත වේ.ඔනෑම අයෙකුට පහසුවෙන් තම නිවසට අවශ්‍ය විදුලි උපාංගයන් කල් තියාම සුදානම් කරගැනීමේ හැකියාවක් මෙහිදි සැලසේ.මෙම පුරෝකතනය තුලින් විදුලි පරිපත එලිමේදි සිදුවෙන අනවශ්‍ය අලාභයන් අවම කර ගැනීමට මින් ඉඩ සැලසේ.

Plumbing Detail

නිවසෙහි ජල නළ එලන මාර්ගයන් සහා ඒවාට අවශය දත්ත අන්තර්ගත වන පරිදි මෙම සැලසුම් නිර්මාණය කරනු ලැබේ.

Tile Layout

නිවසෙහි ඉදිකිරීම අරම්භ කිරීමට පෙර අතුව වූවත් නිවෙස් හිමියාගේ සිතැඟි පරිදි නිවසෙහි බිම් ඇතුරුමක් වන tile මිලදි ගැනීමක් හෝ ඇනවුම් කිරිමකට පහසු වන පරිදි සකසන ලද සැලසුම් මෙම කොටසට ඇතුලත් වේ.

Kitchen / Pantry / Washing area

මුළුතැන්ගෙය පැන්ට්‍රිය,රෙදි සේදීමට යොදා ගන්නා ස්ථාන මැනවින් සැලසුම් කර ලබ දෙන ලද සැලසුම් මෙහි ඇතුලත්‍ ය.

Get More Details